Friday, November 29, 2013

මහා භාරතය විස්තර කරන පෞරාණික න්‍යශ්ඨික යුද්ධ

මහා භාරතය විස්තර කරන පෞරාණික න්‍යශ්ඨික යුද්ධ

UCM SULOCHANA
 " මීට වසර 50,000කට පෙරත් පෘථිවියේ මිනිසුන් අතර දරුණු පරමාණු යුද්ධයක් ඇතිවූ බවට නිදර්ශණ තිබේ. රාම රාවණ යුගය පෘථිවිය මත ඇතිවුනු අවසාන පරමාණු-ජලකර යුද්ධය විය හැකියි......"

" ඉන්දියාවේ හා ටිබෙට් රටේ වසර ගණනාවක් පර්යේෂණ කටයුතුවල නිරත වුනු ඩෙක් බැරින්ටන් බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයෙකු වූ අතර ඔහු ටිබෙට් දේශයේ බෞද්ධ ලාමා හිමිවරුන්ගේ කුළුපග මිතුරෙකු විය. මේ හිතවත්කම නිසාම බෞද්ධ ලාමා හිමිවරුන් අතිපෞරාණික දැනුම ඔහු හා බෙදාගෙන තිබේ. ඔහුට අනුව ලාමාවරුන් අංජනම් බැලීම නම් පෞරාණික ශාස්ත්‍රයේ කෙළපැමිණිවුන් වේ.

" බැරින්ටන් හට ලාමාවරුන්ගෙන් දැනගන්නට ලැබුණු එක් තොරතුරකට අනුව  එක් ජ්‍යෙෂ්ඨ ලාමාතුමෙක් බලගතු අංජනමක් පිලිබඳව පැරණි පුස්ථකයකින් ලබාගෙන තිබෙන අතර ඉතා අපහසුවෙන්  අංජනම  බැලීම සඳහා අවශ්‍ය කළමණා සකස්කරගත් අතර ඔහුගේ ඉල්ලීමෙන් අංජනම බැලූ එක්  ලාබාල මොන්ගෝලියන් කන්‍යාවියක් මහා අරුම පුදුම විස්තරයක් කර තිබෙනවා.....
...........අහසින් යන අමුතු යානා මහා ගිණිජාලා නංවමින් පොළොව දෙදරවමින් ගල් (බෝම්බ?? ) බිම හෙළනවා.....මිනිසුන් පණපිටින් පිලිස්සී අළුවී යනවා......අති විශාල ගොඩනැගිලි සුණුවිසුණුවී යනවා......අතිවිශාල යුධ රථ සියගණන් හේවායින් පටවාගෙන වේගයෙන් ඒ මේ අත ගමන්කරනවා.........
වාර්තාවෙන අන්දමට මෙම අන්ජනම බලවා තිබෙන්නේ 1930 ගණන්වල වන අතර අදමෙන් රූපවාහිණී හා සිනමාහල් නොතිබුණු එවන් යුගයක ඇය මේ විස්තරය සිතින් මවාගෙන සිදුකලා යයි සැක කරන්නට පුලුවන්ද? අංජනමේ පෙනුනු සියලුම මිනිසුන් සටන් ඇඳුම් වැනි නිළඇඳුම් ඇඳසිටි බවද ඇය පවසා තිබෙනවා..  "
උපුටාගැනීම ; "මා නැති දවස - සිරිසේන මාඉටිපේ"


බලසම්පන්න විමානයක් පියාසර කරවූ ගුර්කා සිය යානයෙන් ප්‍රක්ශිප්තයක් මුදාහැරියේය (මිසයිලයක්?? රොකට්ටුවක්??). සකලවිශ්වයේ බලයෙන් කුළුගැන්වී තිබුණු එම ප්‍රක්ශිප්තය වැටුනු සැණින් සූර්යයන් දහසක් පෑවූවක් මෙන් දිලිසෙන ගිණි හා දුම් කදම්බයක් අහසට නැගී යෝධ ඡත්‍රයක් (කුඩයක්) මෙන් පැතිර යන්නට විය. යදමින් කළ අකුණු සැරක්වන් වූ එය එතෙක් මෙතෙක් කිසිවෙකුත් අත්දැක නොතිබූ භයංකර අවියකි. එය රිශිණින් හා අන්ධකයින් හට මරණයේ සංකේතයක්ම විය.

රිශිණි හා අන්ධක පුරවරයන් අළුධූලි බවට පත්වූ අතර මුළුමහත් ජනකායම පිළිස්සී මියගියේය. මළසිරුරු කොතරම් පිලිස්සී තිබුණාද යත් කිසිවෙකුත් හඳුනාගත නොහැකි විය. මේ මහා ගිණිජාලාවෙන් බේරෙන්නට සෙබළුන් ගංගා ඇළදොළවලට පැනගති. පිලිස්සීමෙන් මියනොගියවුන්ගේ හිසකෙස් හා නිය හැලෙන්නට වුනු අතර හෝරා කිහිපයකින් සියළු කෑමබීම විශ බවට පත්විය....

ද්‍රෝනාභිශේක පාර්ව: මහා භාරත වීර කාව්‍යය

මහා භාරතය විකිරණ විශවීම විස්තර කරයි.

හිසකෙස් හා නිය හැලෙන්නට ගැනීම, වමනය, දුර්වලවීම හා වේදනාත්මක මරණය, විකිරණ විශවීමේ (radiation poisoning) රෝග ලක්ශණයන්ය  - මහා භාරත රචකයා(න්) හෝ ඔවුනට මූලාශ්‍ර සැපයූවන් මේ රෝග ලක්ශණ දැක තිබුණේද? වෙනත් පෞරාණික ග්‍රන්ථවල ලියා තිබූ විස්තර උපුටා ගත්තේද? මෙවැනි බිහිසුනු යුද්ධ හා අවි ආයුධ පිලිබඳ විස්තර කටවචනයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ආවේද?

රෝගයක් හෝ ව්‍යාධියක් දකින්නට හෝ විඳවන්නට පෙර එහි රෝගලක්ශණ ලියාතැබිය නොහැකිය - ඒ අනුව මහා භාරතයේ මේ විස්තරකොට ඇත්තේ ඈත අතීතයේ යම්කලෙක භාරතයේ  විසූ අයෙක් දෑසින් දුටු ව්‍යාධියක් විය යුතුය....

න්‍යශ්ඨික විකිරණවලට නිරාවරණය වූවෙක් කළයුත්තේ කුමක්ද?

මහාභාරතය, මෙයද පැහැදිලිව විස්තර කරයි. විකිරණවලට නිරාවරණය වූවෙක් ක්ශණයකින් සිදුකල යුත්තේ ජලයට පැන හැකිතාක් සේදී පිරිසිදු වී සමහි තැම්පත්වුනු විකරණ අඩංගු අළු-ධූලි අංශු සෝදා හැරීමයි - අද කාලයේද විකිරණවලට නිරාවරණයවූවන් හට ප්‍රථමයෙන් ලැබෙන්නේ සම්පීඩිත ජල කඳක් මගින් පූර්ණ සෝදාහැරීමකි.




ව්‍රිෂිණි හා අන්ධක පුරවරයන් විනාශකලේ මෙවැනි හයිඩ්‍රජන් බෝම්බයක්ද?

මහාභාරතයේ ද්‍රෝනාභිශේක පාර්වයේ විස්තර කෙරෙන්නේ මොහෙන්ජෝ-දාරෝ නගරය විනාශ කල න්‍යශ්ඨික ප්‍රහාරයද?

 


මොහෙන්ජෝ-දාරෝ නශ්ඨාවශේෂ වසර 12කටත් අධික කාළයක් පර්යේෂණයට බඳුන්කරන ලද බ්‍රිතාන්‍ය ජාතික පූරාවිද්‍යාඥයෙකු වන ඩේවිඩ් ඩෙවන්පෝර්ට් ප්‍රකාශ කරන අන්දමට මොහෙන්ජෝ-දාරෝ නගරය  විනාශවී ඇත්තේ න්‍යශ්ඨික ප්‍රහාරයකිනි. ඉහත රූපයේ පෙනෙන මිනිස් ඇට සැකිලි මොහෙන්ජෝ-දාරෝ නගරයේ වීථියකින් සොයාගෙන ඇති අතර මේ මිනිසුන් උන් උන් තැන වැටී මරුදැක තිබේ. මේ ඇටසැකිළි අතර එකම පවුලක මව, පියා හා දරුවෙකු ගේ ඇටසැකිළිද වේ. මුනින් අතට වැටී මියගිය සිටි ඔවුන් මිය යන මොහොතේ සිටියාක් මෙන් දෑත් අත් අල්ලාගෙන මියගොස් තිබිනි.

මෙවන් ක්ශණික මරණ ලඟාකරදිය හැකි තාක්ශණයක් මීට වසර 4000-5000කට පෙර තිබුණිද? එසේනම් කුමක්ද ඒ බිහිසුණු තාක්ශණය? එපමණක් නොව මෙම ඇටසැකිළිවල අඩංගු විකිරණ ප්‍රමාණ සාමාන්‍යයෙන් තිබිය යුතු ප්‍රමාණයට වඩා බොහෝසෙයින් වැඩිබවද සොයාගෙන ඇත.
" පිපුරුමේ අපිකේන්ද්‍රයේ සිට යාර 50ක වපරිසයේ ඇති සියල්ලම අධික උශ්ණත්වයකින් දැවීගොස් ඇති අතර වීදුරුමය ස්ඵටිකද දකින්නට ලැබේ. මේවා ස්වාභාවික නිමැවීමට ඇති හැකියාව අවමය....සෙන්ටිග්‍රේඩ් 1500ක් වැනි අධික උණුසුමකින් රත්වී එක්වරම සිසිල්වීම නිසා මෙය සිදුවූවායයි සිතිය හැකිය.....අවට ප්‍රදේශයේ ගොඩනැගිලි තනා ඇති ගඩොල් එක් පැත්තකින්, එනම් පිපුරුම වූවායයි සිතෙන ස්ථානයට මුහුණලා ඇති ස්ථාන උණුවීගොස් ඇති සෙයක් පෙනේ..."

"Atomic Destruction in 2000 B.C." David Davenport

රාම අධිරාජ්‍යය න්‍යශ්ඨික යුධයකින් විනාශවුනිද?

රාමායනයේ ලියැවී ඇති පරිද්දෙන්ම කපටිකමින් හා පාවාදීම් මගින් රාවණ පරදා ජයගන්නා රාම හා ඔහුගේ පාත්‍රවර්ගයා ගොඩනැගූ අධිරාජ්‍යය න්‍යශ්ඨික අවි මගින් විනාශවූ බවට මතයක් ඇත.


රාමගේ අනුගාමිකයින් හා පාත්‍රවර්ගයා ගොඩනැගූ නගර රාශියක් උතුරු ඉන්දියාව පුරාවට ඇති අතර උතුරු ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවක මහා පිපිරුම් වලින් විනාශවීගිය නගර පිලිබඳ පුරාවෘත අසන්නට ලැබේ. එමෙන්ම දියුණුවේ හිණිපෙත්තේ තිබී එක්වරම විනාශවීගිය දැවැන්ත නගරවල නටබුන්ද සොයාගෙන ඇත.  මොහෙන්ජෝ දාරෝ හා හරප්පා එක් උදාහරණයක් පමණි.

නූතන රාජස්ථානයේ ජොධ්පූර් ප්‍රදේශයෙන්ද මෙවැනි වර්ග කිලෝමීටර් 3කට වඩා විශාල අධික විකිරණශීලී ප්‍රදේශයක් හමුවී තිබේ. මෑතකදී ජනාවාස තැනුනු මෙම ප්‍රදේශයේ පිළිකා හා විකල-උපත් ඉතා අධික වීම නිස එම ප්‍රදේශය පර්යේශණයට බඳුන්කල ඉන්දීය රජයේ පර්යේශකයින් මෙම ප්‍රදේශය අසාමාන්‍ය විකිරණශීලීත්වයකින් යුතුබව තහවුරුකරගෙන ඇති අතර දැන් එම පෙදෙස තහනම් කලාපයක් බවට ප්‍රකාශයට පත්කොට ඇත. මෙම ප්‍රදේශයේ වසර 8000-12,000 පමණ පැරණි නගරයක නටබුන් සොයාගෙන ඇති අතර පිපුරුමෙන් විනාශවන විට මිලියනයක පමණ ජනකායක් වාසයකරන්නට ඇති බවට සැක කෙරේ.

රාමගේ අධිරාජ්‍යය න්‍යශ්ඨික බෝම්බවලින් විනාශකලේ කුමන ශිශ්ඨාචාරයක් විසින්දැයි පැහැදිලි නැත.

එහෙත් සුර-අසුර යුධය ලෙස හැඳින්වෙන දැවැන්ත සංග්‍රාමයේදී සුරයන් හෙවත් උතුරු ඉන්දියානුවන් දකුණේ අසුරයින් අතින් දැවැන්ත පරාජයන් අත්විඳින්නට වූ බව පැවසේ. ස්කන්ධ පුරාණයේ දක්ව ඇති ආකාරයට අසුරයන් අතින් සුරයන් හට අත්විඳින්නට වූ දැවැන්ත පරාජය ආපසු හරවන්නට හැකිවූයේ රණශූර ස්කන්ධ කුමාරයාට පමණකි. එහෙත් කඳකුමරු සටනට තෙක් රාම අධිරාජ්‍යයේ නගර දා හළුකරන්නට තාක්ශණලෝව කෙලපැමිණ සිටි රාවණ පරපුරේ අසුරයන්හට හැකිවන්නට ඇත.

No comments:

Post a Comment